
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟයේදී ඉන්දීය පිතිකරණ අනුපිලිවල වෙනස් කරමින් සිදුකල අත්හදා බැලීම හුදෙක් එදා දිනයේ තීරණයක් නොවන බවත් ලෝක කුසලානයට යන ගමනේ එවැනි අත්හදා බැලීම් ඉදිරියේත් සිදුකල යුතු බව ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු R Sridhar පවසා ඇත.“අපි මේ තරඟාවලිය පටන් ගන්න කලින්ම හිතාගෙන හිටිය කන්ඩායම එක්ක අලුත් අත්හදා බැලීම් කරන්න.ලෝක කුසලානයට තව මාසයක් වගේ තියන නිසා අපි අපේ පිතිකරණ අනුපිලිවල වෙනස් කරලා අපිට හරියනම කණ්ඩායම තෝරාගන්න මේ තරඟාවලිය උදව් කරගන්න ඕන.”ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංගට තරඟ තහනමක් පැනවීමත් සමඟ නායකත්වයට පත්වූ චාමර කපුගෙදර තෙවන සහ අවසන් තරඟයේ සුදානම පිළිබඳව දරන්නේ මෙවැනි අදහසකි.
“ඇත්තටම කණ්ඩායමේ නායකත්වය දරන්න ලැබුන එක මට ලොකු අවසථාවක්,මම මේක ලැබෙයි කියල මම බලාගෙන හිටියේ නෑ.හැබැයි මට ලැබුන අවසථාව මම සතුටෙන් බාර ගන්නවා ,ඒ වගේම කණ්ඩායම එක්ක එක පියවරක් ඉස්සරහට තියන එක තමයි අපිට මේ වෙලාවේ කරන්න තියෙන්නේ.තවමත් තරඟයට ක්‍රීඩා කරන අන්තිම කණ්ඩායම තීරණය කරලා නෑ,ලහිරු තිරිමාන්න වගේම දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ආපු එකත් ලොකු ශක්තියක්.”
දෙවන තරඟයේ තම පිතිකරණ ස්ථානයේ පහරදීමට KL රාහුල් යොමු කර සිදුකල අත්හදා බැලීම සම්බන්දයෙන් විරාත් කෝලි පවසන්නේ එම අත්හදා බැලීමෙන් වරදක් සිදු නොවූ බවය.
“මම අංක තුන ක්‍රීඩා කලත් ඒ පන්දුවට දැවී යන්න තිබුනා,එදා දවසේ අකිල හොඳටම පන්දු යැව්වා.අපි කණ්ඩායමක් විදියට ඔහුගෙන් පරිස්ස්ස්ම් වෙන්න ඕන,එදා අපි කල අත්හදා බැලීම් වැරදියි කියල කාට හරි කියන්න පුළුවන් හැබැයි අපි කරන අත්හදා බැලීම් නම් නතර කරන්න බලාපොරොත්තුවක් නෑ.”
Comments
Post a Comment